5.02.2015

හැපියෙන් සිටින හිපියන්ගේ ඉතිහාසයෙන් බිඳක් (පින්තූර කතාවක්)

1960 හා 1970 දශකයන්වලදී සමාජය සමඟ අතෘතිමත් වූ කාන්තාවන් පිරිසක් සහ වියට්නාම යුද්ධයෙන් පෙරළා පැමිණි පිරිමින් පිරිසක් ඔවුන්ගේ ම දේශය (ඇමරිකා එක්සත් ජනපදය) විසින් සාදරයෙන් පිළිනොගත් අමුත්තන් බවට පත්වූ නිසාවෙන්, ඊට තම අසතුට ප්‍රකාශ කිරීම සඳහා යමක් කිරීමට සිතා ගත්තේ ය. බොහෝ විද්‍යාල සිසුන් හා රැකියා විරහිත පිරිස්වල ද සමාජයේ සමාන අයිතිවාසිකම් නොලත් පිරිස්වල ද කොන්කිරීම හා අසමතාව නිසා සමච්චලයට පත්වූ පිරිස්වල ද අවදානය ඊට ලැබිණි.

1972 දී Taylor Camp වෙත පැමිණි රළ මත ලිස්සා යන්නෙක් වන David Pearson 'මට නැවත යා හැකි නම්, මේ මොහොතේ ම මම පිටත් වන්නෙමි' යැයි පවසයි. මේ වන විට 67වන වියේ පසුවන ඔහු විශ්‍රාමික ගුරුවරයෙකි. 'එහි මා ගත කළ ජීවිතය තරම් වඩාත් නැවුම් හා ලස්සන ජීවිතයක් ගැන මට සිතා ගත නොහැක. මාගේ ජිවිතයේ ඉතාමත් අර්ථ සම්පන්න අත්දැකීම වන්නේ එයයි. ' ඡායාරූප - Messy Nessy Chic


මෙම  ගැටළු හිපි ව්‍යායාපාරයේ ආරම්භය වූ අතර ඒ සමඟින් ම ප්‍රජා කොට්ඨාස ද ඇති විය. මෙම ප්‍රජා  කොට්ඨාස වූ කලී,  ඇමරිකා එක්සත් ජනපදයේ පැවති වියරු බවින් මිදී, මූලික වශයෙන් ම එක හා සමාන අදහස් ඇති මිනිසුන් වඩාත් කෘෂිකාර්මික අංශයට නැඹුරු වූ දිවිපෙවතක් ගෙවූ ජනයා ජීවත්වන ප්‍රදේශ හා ගම්මාන විය.

ඔවුනට තමුන්ගේ  විශ්වාසයන් හා ආත්මයන් පිළිබඳව වඩාත් හොඳින් ගවේෂණය කිරීමට හැකියාව ලැබිණ. කැන්සාස් (Kansas) විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තොමොති මිලර් (Timothy Miller) පවසනා ආකාරයට "...ඊට හේතු වූ දේ විසින් එය මෙහෙයවනු ලැබ ඇත. වර්තමානයේ මේ එළැඹ ඇත්තේ ගුප්තමය  මෙන්ම අන්තර්ඥාමය ... වෙත නැවත ගමන් කිරීමේ කාලයයි... හිපියන් ගොවිකම වෙනුවෙන් කාර්මීකරණය ද, ස්වභාවික දේ වෙනුවෙන් ප්ලාස්ටික් ද, කාබනික දේ වෙනුවෙන් කෘතීම දේ ද ප්‍රතික්ෂේප කර ඇත."

මෙකී සෑම ප්‍රජා කොට්ඨාසයක් ම එකිනෙකට වෙනස් විය. සමහරුන් අතිශයින් ම ආගමානුකුල වූ අතර  සමහරුන් වඩාත් ලෞකික මෙන් ම පොළොව සමඟ වඩාත් බැඳී සිටියේ ය. සමහරුන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු දිවියක් ගෙවූ අතර වෙනත් අය මත්නොවූ තදින් ම සන්සුන් බවේ ඇලීගැලී සිටියේ ය. ඒ එක් එක් ප්‍රජා කොට්ඨාසයකට ම ඔවුනට කියා වෙන ම ආගමික මාධ්‍යස්ථානයක් හෙවත් පල්ලියක් විය. 'මූලාශ්‍ර  කුටුම්භය' හෙවත් Source Family නමින් හැඳින් වූ ප්‍රජා කොට්ඨාසය මේ අතරින් වඩාත් පුදුමසහගත ප්‍රජා කොට්ඨාසය වූයේ ය. 'මූලාශ්‍ර කුටුම්භ' ආරම්භ කරන ලද්දේ අධ්‍යාත්මික නායක Ed Baker විසිනි. ඔහු වඩාත් ප්‍රරසිද්ධියට පත්ව සිටියේ Father Yod යන නමිනි.

මෙම කුටුම්භය ව්‍යාවසායකයින්ගෙන් සමන්විත විය. ලොස් ඇන්ජලීස් හි ප්‍රථම නිර්මාංශ අවන්හල ආරම්භ කරන ලද්දේ ඔවුන් විසිනි. අසාමාන්‍ය ජීවන රටාව, දිගු හිසකේ හා රැවුල් හේතුවෙන් ඔවුන් වඩාත් ප්‍රසිද්ධියට පත් විය. පාදයෙන් ක්‍රියාකරන සැහැල්ලු ගුවන් යාන අනතුරකින් Father Yod 1977 දී මිය ගියේ ය. ඒ සමඟම 'මූලාශ්‍ර කුටුම්භය' කොටස්වලට කැඩී ගියේ ය.

පහත දැක්වෙන්නේ 1960 හා 1970 දශකවලදී හිපි සමාජයේ පැවැත්ම ද 'මූලාශ්‍ර කුටුම්භය' විසිරී යාමට පෙර එහි ස්වාභාවය ද පෙන්වා දෙන අපූරු ඡායාරූප සමූහයකි.

ඡායාරූප - Fans In A Flashbulb  (ඡායාරූශිල්පී - John Olsen)

Taylor Camp හි දී ඇඳුම් භාවිතය තම සිතැඟි පරිදි තීරණය කිරීමට හැකි විය. ඡායාරූප - Messy Nessy Chic

Taylor Camp හි පැවතියේ ඉතා අඩු පහසුකම් ප්‍රමාණයකි. විදුලිය නොවීය. ඡායාරූප - Messy Nessy Chic


ඡායාරූප - Fans In A Flashbulb (ඡායාරූශිල්පී - John Olsen)

කූඩාරම් දිවියක් ගෙවනා කලින් බැංකු පරිගණක විශේෂඥයෙක් වූ රොන් නම් පියා හා නැන්සි නම් මව රාත්‍රී නින්දට පෙර තම දරුවන්ට කතන්දර කියා දෙන අවස්ථාවක්. 1969 දී Sunny Valley හි Oregon පළාත. ඡායාරූප - LIFE සගරාව John Olson විසින් ගන්නා ලදී

පාසැල් බසයක නැග ඉන්නා හිපි සාමාජිකයින්. ඡායාරූප - My Web

ඡායාරූප - Sara Davidson

හවායි හි සංචාරක ව්‍යාපාරයේ නැගීමත් සමඟ රජය විසින් Taylor  Camp එක ඉවත් කරන ලදී. 1977 දී රජය විසින් එම භූමිය අල්ලාගෙන ගම්මානය ගිනි තබා විනාශ කළේය. මුළු ප්‍රදේශයම Na Pali ජනපද උද්‍යානය බවට පත් කරන ලදී. ඡායාරූප - Messy Nessy Chic

සාමාජිකයින් 170 සමන්විතව ගොවිපළ අද දවසේ ද ක්‍රියාත්මක වේ. ඡායාරූප -  The Atlantic

මුල් කාලයේ දී ප්‍රජා කොට්ඨාසයේ, ගොවිපල් සාමාජිකයින් ඉතා දැඩිව 'දුගීබවේ පොරොන්දු දුන්නේය'. ඔවුන් සතු වූ දේඉතා සීමා සහිත විය. කෘතීම උපත් පාලන ක්‍රම,  මද්‍යසාර, දුම්කොළ, සත්ව නිෂ්පාදන භාවිතා නොකළ අතර මෙය ඉතා අසාමාන්‍ය මානසික තත්ත්වයක් විය. ඡායාරූප -  Steven War Ran

ඔවුන් උණබට, ඉවතලන සුන්බුන්, වෙරළට පා වී ආ නොයෙක් අමුද්‍රව්‍ය වැනි තමන්ට සොයාගත හැකි ඕනෑම දෙයක් උපයෝගී කර ගනිමින් වෙරළේ පිහිටි ගස්මත තම නිවාස සාදා ගත්තේය. ඡායාරූප - Messy Nessy Chic


ඔවුන් ප්‍රධාන භූමියෙන් (මෙන්ම ආහාර සලාකවලින් ද) වෙන්ව ජීවත් විය. ඡායාරූප - Messy Nessy Chic

හිපියන් සාමාජිකයින් 13 දෙනෙකු විසින් ප්‍රජා කොට්ඨාසය පිහිටුවන ලදී. වියට්නාම යුද්ධය හා ප්‍රධාන භුමියේ පැවති නොනවතින පොලිස් කෲරත්වය හේතුවෙන් හෙම්බත්වී සිටි ඔවුන් පාරාදීසයක් වැනි මෙම දූපතට පැන ආවේය. ඡායාරූප - Messy Nessy Chic


පැරණි වියට්නාමිකයින්ට එදිනෙදා දිවියේ පැවති ආතතියෙන් මිඳීම සඳහා Taylor Camp ක්‍ෂේමභූමියක් විය. ඡායාරූප - Messy Nessy Chic

නීතිරීති, දේශපාලනය හා ගෙවීම් කළ යුතු නොයෙක් වර්ගයේ බිල් වර්ග නැති හවායි හි Taylor Camp නවාතැන, නිවර්තන කළාපීය සමුද්‍රය ඉදිරියේ පිහිටි මනෝරාජ්‍යයක් විය. ඡායාරූප - Messy Nessy Chic


70 දශකයේදී කරලියට ආ එක් වඩාත් සිත්ගන්නා සුළු මෙන් ම පුදුමසහගත ප්‍රජා කොට්ඨාසය වූයේ 'මූලාශ්‍ර කුටුම්භය' හෙවත් Source Family වේ. ඡායාරූප - Messy Nessy Chic

Source Family හෙවත් 'මූලාශ්‍ර කුටුම්භය' හි නිර්මාතෘ, සටන් කලා ශිල්පී, හොලිවුඩ් හි අවන්හල්කරු, අධ්‍යාත්මික නායක, තමා විසින් Father Yod හඳුන්වනු ලබන දැකීමට කැමැත්ත පළ කළ Ed Baker. ඡායාරූප - Messy Nessy Chic
Father Yod තරුණයෙක් නොවීන. ඔහුට සිටි තරුණ, ලස්සන බිරියන්ගේ ගණන 13 කි. ඔහුගේ මෙම කාමයෙහි ඇළුණ ස්වභාවය ඉතා බරපතල විවේචනය ගෙන ආවේය. ඡායාරූප - Messy Nessy Chic


Source Family කාන්තාවන් Hollywood Hills හි පිහිටි තම නිවාස ඉදිරියේ සිටිනා අවස්ථාවක්. ඡායාරූප - Messy Nessy Chic

බිරියන් 13 දෙනෙකු සිටි Father Yodට බොහෝ දරුවන් සංක්‍යාවක් ද සිටියේ ය. ඡායාරූප - Messy Nessy Chic
Source Family සංගීත කණ්ඩායම සෑම උදෑසනකම 3වන විට පුහුණුවීම් ආරම්භ කළේය. රොක් සංගීතය මුසු  අධි චිත්තවේගී ගීත හා යාතිකා 60 වඩා ඔවුන් විසින් නිර්මාණය කළේය. ඡායාරූප - Messy Nessy Chic


Father Yodගේ දේහය අසල නිදිවැරීම. ඡායාරූප - Isis Aquarian

ප්‍රධාන මූලාශ්‍රය - 'Higher Perspective' නම් වෙබ් අඩවියේ පළ වූ' Eye Opening Images Of One Of America’s Hippy Communes' නම් ලිපියේ පරිවර්තනය
වෙනත් මූලාශ්‍ර - Meet The New Aquarians : Society’s Dropouts: 48 
                            Eye-Opening Photos Of America’s 1970s Hippie Communes

5.01.2015

හිතුමතේ ජීවිතේ - නැගණියව දුෂණය කළ පලිය ගන්නට 5 දෙනක් මරා දැමුව ද ගෙලට තොණ්ඩුව දැමීමෙන් පසුව ද ජීවත්වීමට වාසනාව ලද එකම ශ්රීග ලාංකිකයාගේ අසාමාන්යන කතාව


වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් විදිමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ' නමැති සිරකරුවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ සමාව ලැබ 2013 සැප්තැම්බර් 9 වනදා නිදහස ලැබුවේ ය.

අවස්ථා කිහිපයක් ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු 'හිතුමතේ ජීවිතේ' පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන් ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවා වන්නේ ය.

මිනීමැරුම් චෝදනා 6කට සහ සිරගෙයින් පලායෑම් පහකට වරදකරු වීම නිසා අධිකරණය අවස්ථා කිහිපයකදී ඔහු මරණීය දණ්ඩනයට යොමු කළේ ය. වසර 129ක් දිග අච්චු කාලයක් ඔහුට නියමවී තිබුණේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම නිසා ය.

1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරඟයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය 'හිතුමතේ ජීවිතේ' ඔවුන් සියල්ලන් ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේ ය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු සිව් වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේ ය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේ ය.

සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේ ය. එසේම මරුසිරා, පොඩි විජේ, යකඩයා, නවරියන්, චීනා, සමනලයා ආදී ලංකාවේ ප්‍රකට සිරකරුවෝ 'හිතුමතේ ජීවිතේ' ළඟින් ඇසුරු කළේ ය. ඔවුන් ඔහුගේ සමීප සගයෝ ය. මරුසිරා, පොඩි විජේ ආදීන් සමඟ ඔහු සිර ගෙදරින් පැන ගියේ ය.

17 වැනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58ක වියපත් මිනිසකුව සිටියේ ය.

2013 සැප්තැම්බර් 9 වැනිදා සවස 4.20ට වැලිකඩ මහ උළු ගෙදර දැවැන්ත යකඩ ‍දොරෙහි පිවිසුම් ද්වාරය විවෘත වූයෙන්, ඔහු ජේලර්වරයකු සමඟ නිදහස් ලෝකයට පැමිණියේ ය. හිතුමතේ ජීවිතේ සුදු පැහැ සරමකින් සහ අත් කොට කමිසයකින් සැරසී සිටියේ ඔහුගේ සියලු භෞතික සම්පත් පොලිතින් බෑගයක දමා එල්ලාගෙන සිටියේ ය. වියපත් මිනිසකු වූ හෙතෙම කෙසඟ ය. අප්‍රමාණ දුක් කන්දරාවක් මුහුණෙහි සටහන්ව තිබුණේ ය. ගෙලෙහි ප්ලාස්ටරයක් අලවා තිබුණේ 'නිදහස් කරන්න එසේ නැතිනම් මරාදමන්නැයි' ඉල්ලා ඔහු බදුල්ල බන්ධනාගාරයේ වහලය මත දින 15ක් නිරාහාරව සිටිමින් කළ උපවාසයේදී ගලනාලය දියවී යෑම නිසා කෘතිම බටයක් දැමීම නිසා ය. තමා නිදහස් කරන බව දැන ගෙන ඇත්තේ, නිදහස්ව පිටවීමට පැයකට පෙර ය.

රෝහලට ගෙනයෑම සඳහා තමා කැඳවී යැයි විශ්වාස කළ ඔහුට තම නම 'හිතුමතේ ජීවිතේ' වශයෙන් දිගින් දිගටම ලියවිලි හා නඩු කඩදාසි ආදියේ සටහන්වූ බැවින් බී.ඩී. සුමතිපාල යන්න ඔහුගේ භාවිතාවෙන් ද මැකී ගොස් තිබුණේ ය.

'හිතුමතේ දැන් ඔයා කොහේද යන්න හිතා ඉන්නේ?' ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුර වූයේ, 'ජනාධිපතිතුමා මාව හාමුදුරුවන් වහන්සේනමකට භාරදුන්නා. උන්වහන්සේගේ පන්සලට යනවා. දැන් ඉතින් මට කාත් කවුරුවත් නැහැ නොවැ' යන්නයි.

මරණය අපේක්ෂාවෙන් ඔහු වසර 40ක් බලා සිට තිබේ. 1975 වසරේ දිනක විලියම් ගොපල්ලව එවකට සිටි ලංකා ආණ්ඩුකාරවරයා ඔහුගේ මරණ දඬුවම ලිහිල් කර ජීවිත සමාව ලබා දුන්නේ වසර 90ක සිරදඬුවමකට යටත් කරවමිනි.

එතැන් සිට 'මරණය' ඔහුට දිනාගත නොහැකි ඉලක්කයක්ව පැවැතියේ ය. මරණය අපේක්ෂා වෙන් එදා ඔහු කොපි පොතක ලියා තිබූ කවි මෙසේ ය.

අදහස් කුහක මිතුරන්ගෙන් දුරුවේවා

නිදහස් බිමක මගෙ මරණය සිදුවේවා

උදහස් නොවෙමි සැමදෙන මට පිටුපෑවා

අනුහස් එපා පෝරකයට ගොඩවෙනවා

බැහැ ඉවසන්න මරුවා මට වධදෙනවා

ඇහැ මගෙ නංගි නිතරම මට සිහිවෙනවා

නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා

බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා

ඔහුගේ පපුවෙහි 'හිතු මතේ ජීවිතේ' යනුවෙන් ටැටූස් නොහොත් පච්චා එකක් දකුණු බාහුවේ 'කුසුම් ඇයි මා දමා ගියේ' කියා තවත් පච්චයක් නැඟණිය වෙනුවෙන් බාහුවේ කොටා තිබේ. ඒවා සිය සමීප මිතුරකු වූ අනුරාධපුර සිරිපාල නොහොත් මරුසිරා විසින් වසර ගණනාවකට ඉහතදී මීගමුව බන්ධනාගාරයේදී කෙටූ බව ඔහු පැවැසුවේ ය.

නංගිගේ මිනීමරුවන් මරා දැමීමෙන් පසු ඔහුගේ ජීවත්වීමේ අරමුණ අවසන් වී තිබිණි. කළුතර ප්‍රදේශයේ පොලිස් පරීක්ෂකවරයකු, කළුතර ප්‍රදේශයේ ම විදුහල්පතිවරයකු, කොච්චිකඩේ තානායම් හිමිකරුවෙක්, වෙන්නප්පුව මස්කඩ ව්‍යාපාරිකයකු ඇතුළු ඔහුගේ නැඟණිය පැහැරගෙනවිත් කොච්චිකඩේ ප්‍රදේශයේදී මරා පුලුස්සා දැමූ මිනීමරුවන් හඹා ගිය ගමන අවසන් වූයේ ඒ සියල්ලන් ම මරා දැමීමෙන් පසු ය. 1978 වන විට ඔහු තම අරමුණු සාක්ෂාත් කරගෙන හමාර විය.

'හිතුමතේ'ගේ ජීවත්වීමේ අරමුණ ද එතෙනින් නිමා විය. මරණය තමා සොයා නොඑන කළ ඔහු මරණය ඉල්ලා සටන් කළේ ය. බන්ධනාගාර දිවිය වසර 35යි මාස 8ක් ගෙවුණු තැන ඔහු බදුල්ල බන්ධනාගාරයේ වහලය මත නැඟී මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ය. දහවල ගිනි අව්වේ පිලිස්සෙමින් ද රාත්‍රියේ සීතලේ ගැහෙමින් ද ඔහු වතුර බිඳකුදු නොගෙන වහලය මත රැඳී සිටියේ ය. බන්ධනාගාර නිලධාරීන් ඔහු බිමට ගැනීමට වෑයම් කරද්දී එහි වූ යකඩයකට දෑතින් විලංගුවක් දමා ගත් ඔහු නොසෙල්වී සිටියේ ය. අඬුවක් රැගෙන ඉහළට නැඟුණු බන්ධනාගාර නිලධාරියකු ඔහුගේ දෙපා අල්ලා අඬුවේ ආධාරයෙන් දෙපාවල නිය එකින් එක ගැලවූයේ ය. ඔහු දත කාගෙන සිටියා මිස උපවාසය නවත්තන්නට අදහස් නොකළේ ය. ඔහුගේ දෙපාවල නියපොතු නොවී ය. තුවාල කල්ගතවී සුවවී ඇති බව හැකිළුණ ඇඟිලි අගිස්වලින් පැහැදිලි විය.

බදුලු බන්ධනාගාරයේ වහලය මත 'හිතුමතේ ජීවිතේ' මරණය ඉල්ලා මාරාන්තික උපවාසයක නිරතව සිටින බව එක්තරා රූපවාහිනි නාළිකාවක් මඟින් සිය ප්‍රවෘත්ති ප්‍රකාශයේ විකාශය කළේ ය. ජනාධිපති මහින්ද රාජපක්ෂා මහතා එම ප්‍රවෘත්ති විකාශය නැරඹීම නිසා 'හිතුමතේගේ ජීවිතය' වෙනස් පැත්තකට කැරකුණේ ය.

ජනාධිපතිවරයා එහි ළඟාවන විට හිතුමතේ මාරාන්තික උපවාසය අරඹා දින 14 ඉක්මවා තිබිණි. හිතුමතේ නිසොල්මන්ව වැතිර සිටි අතර ඔහු සිහි විසඥව සිටියේ ය. ඔහු මියගොස් ඇතැයි ඇතැමෙක් පැවැසූහ. එහෙත් ජනපති නියෝගයෙන් ඔහු හෙලිකොප්ටර් යානයෙන් ම කොළඹ ජාතික රෝහලට ගෙනෙනු ලැබීය. 2012 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂන මහතාගේ 67වන උපන් දිනය නිමිත්තෙන් සාධාරණ කේන්තිය පදනම් කර ඉහත අපරාධ සිදු කළ බවත්, යහපත් කල්ක්‍රියාවත් සැලකිල්ලට ගෙන 'හිතුමතේ' නිදහස් කිරීමේ නියෝගයට ජනපතිවරයා අත්සන් තැබීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව බාරයේ මාස 9ක්, ජාතික රෝහල, කොළඹ, කරාපිටිය, මහරගම රෝහල්වල ප්‍රතිකාර ලැබූ ඔහු මෙසේ නිදහස ලැබී ය.

සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ සිරකරු 2013 නොවැම්බර් මස 24වනදා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර ඔහුට 2014 පෙබරවාරි මස 4වනදා ජනාධිපතිතුමා විසින් තුන්රෝද රථයක් ද ප්‍රදානය කරනු ලැබී ය. ඒ සඳහා  අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමුවීමට ද අවස්ථාව ලබා දී තිබුණි.

තම එකම සහෝදරිය දුෂණය කර මරාදැමූ මිනීමරුවන් සොයා ඔවුන් විනාශ කර දමන තුරාවට නොවරදින සැලසුම් මත පිහිටා හති නොවැටෙන හිතේ දිරි ඇතිව, නොපෙනෙන බලවේගයකින් දෙනු ලැබුවා වැනි ඉරණමක් අතැතිව ක්‍රියා කළ බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ'ගේ අතීත කථාව පහත දැක්වෙන ලෙසට ඔබ හමුවට එන්නමු.

ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැනගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කළ නමුත් ඇගේ දෙමාපියෝ හා අයියා එය පිළි නොගත්හ.

පොලීසියේ ද පැමිණිලි කළ අතර පොලීසිය ද නිද්‍රාශීලී බවක් අනුගමනය කළේ ය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමු වූ අතර ඇය එතෙක් සගවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමඟ  යමින් සිටියේ මෙම යෙහෙළියයි.

පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමරිය තරඟයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ දිසානායක අයි.පී. මහත්තයා බවත් රියදුරු විල්සන් නම් අයෙක් බවත් ඇය කීවාය. (මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඬව සිට ඇත).

පොලීසියට ගොස් අයි.පී. මහතා හමුවුව ද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගි කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂනයක් සිදු නොවන බවත්, එවැනි පරීක්ෂණයකට අයි.පී. මහතා ඉඩ නොදෙන බව ද පැහැදිළි ය.

කළුතර නගරයේ කුලී රථ රියදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසර පෙදෙසක රබර් වත්තක් අසළ ය. සුමතිපාල දින කීපයක් නගරයේ කැරකී විල්සන් රියදුරු ද ඔහුගේ නිවෙස ද සොයා ගත්තේ ය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක් ද ගෙන එහි රැක සිටියේ ය.

රාත්‍රීයේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා බියගන්වා කිරිමඩුව කරා ඇදගෙන ගියේ ය. විල්සන් බීමතින් සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ බියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරී ය.

කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවේ කොච්චිකඩේ අයි.පී. මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත්, මස්කඩ මුදලාලි කෙනෙක් සහ විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂණයට ලක් වූ බව ඔහු කීවේ ය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසුව වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත.

සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අතහැර කළුතර නගරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේ ය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය.

අයි. පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පදුරකට මුවා වී සුමතිපාල සිටියේ ය. ඔහු අත තිබූ පන්මල්ලක අළුත් ම වක් පිහිය තිබුණි. රාත්‍රී 8ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජිප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා සිටියේ ය. වත්තේ තිබූ ළිද වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේ ය. නමුත් මුළු රාත්‍රීයේ ම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිද අසල වාඩි වී පාන්දර වනතුරු කල්මැරුවේ ය.

පාන්දර පහට පමණ නිවසේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේ ය. ටික වේලාවකින් ඉස්තෝප්පු දොර අරින ශබ්දය ඇසුනෙන් ඔහු දිසානායක පිටතට එන විටම දොර අසල රැක සිට එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කළ සුමතිපාල හිස පන්මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේ ය.

ප්‍රධාන පාරවල් මගහැර අතුරු පාරවල්වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙත ය. ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන්මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරීතුමාට භාර දුන්නේ ය.

'මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ. මගේ නංගි මැරූ මිනිහා මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සේගෙන් මම ඉල්ලන්නෙ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ' සුමතිපාල කීවේය.

පොලිස් අධිකාරිවරයාගේ දුරකථන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කීපයක් ම එහි පැමිණ සුමතිපාල අත්අඩංගුවට ගත්තේ ය. පිහිය පොලිස් භාරයට ගැනුණු අතර හිස රෝහල් මෝචරියට යැවිණි. පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදී ය.

සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසඟවා හෙළි කළ ද පොලිස් පරීක්ෂකවරයා සිය නැගණියට කළ විපත ඉදුරාම දත් බව පැවසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේ ය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයි ද ඔහු කට උත්තරයේ සදහන් කිරීමයි.

වයස 18 සම්පූර්ණ කර නොතිබුණත් සුමතිපාලට චෝදනා එල්ල කලේ වැඩිහිටියෙකු ලෙස සලකා ය. මහේස්ත්‍රාත්වරයා නඩුව විභාගයට ගත්තේ මාස 5කට පමණ පසුව ය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරු ද නිවැරදිකරුද යැයි නඩුකාරතැන ප්‍රශ්න කළ අවස්ථාවේ, වැරදිකරු ස්වාමීනී යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේ ය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේ ය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේ ය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතෙකු නම් කොට නැවත නඩුව කැදවන විට තවත් මාස තුනක් ගත වී තිබුණේ ය.

1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කළහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව 8.05 ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුලදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නැමති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්නට නියම කොට මහාධිකරණ විනිසුරු තින්දුව ප්‍රකාශයට පත් කළේ ය.

උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම නැතැත්තා වයස 17ක තැනැත්තකු වුව ද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත්, දඬුවමට යටත් කෙරෙන විට වයස 18ක් සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිර කොට අත්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.

බෝගම්බර සිරගෙදර එවකට මරණ දඬුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේ 18 හැවිරිදි සුමතිපාල ය. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරුසිරා, හොද පපුවා, බඹරා ආදීන් සහ එවකට ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්තිකරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්‍රඩ් සොයිසා, කළු ඇල්බට්, විලී මාමා යන අය ද සිටියහ.

සුමතිපාල තුළ පෝරකය පිළිබද විශේෂ හැගීමක් තිබුණේ නැත. එහෙත් නැගණිය දූෂණය කර මරා දැමීමට හවුල් වූ අනෙක් තිදෙනා ගැන හිතෙහි වූ වෛරය ඔහුගේ සිත තුල කැකෑරෙමින් නිබදව පීඩා දුන්නේ ය. එක් අයෙකු කළුතර ප්‍රදේශයේ ම පුද්ගලයකු වූ විදුහල්පතිවරයා ය. අනෙකා වෙන්නප්පුව පැත්තේ මස්කඩ මුදලාලි ය. තුන්වැන්නා කොච්චිකඩේ ගෙස්ට් හවුසිය හිමි තැනැත්තා වූ මරා දැමූ අයි පී ගේ මස්සිනාය. අපායට යතත් යා යුත්තේ ඔවුන් තිදෙනාත් කැටුවම යැයි සුමතිපාල අධිෂ්ඨානසහගත සිතුවිල්ලක පසුවූයේ ය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘදයාබාධයක් සෑදී මිය ගියා ය. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමිනියම් පිගාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත තබා සිය උදරය කීප වාරයක් කපා ගත්තේ ය. අන්තිමට ඔහු ගෙල ද එක් වරක් කපා ගත්තේ ය.

මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ඇතුලු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් කරන ලදී. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවී ය. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළ ඔහු පිළිබද ප්‍රශ්නය පුපුරා ගියේ පසු දින උදයේ ය.

රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කළ බී.ඩී. සුමතිපාල නම් සිරකරුවා පෙ.ව. 8.05ට මරණ දණ්ඩනයට යොමුකළ යුතු බැවින් ඔහු නැවත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියහ. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා බාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යාමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේ ය.

තත්ත්වය උණුසුම් වූයෙන් මහනුවර රෝහල බාර වෛද්‍ය අධිකාරීවරයා ද එහි පැමිණියේ ය. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී.ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සඳහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බව ය. ඒ අනුව රෝගියා තමන් රැගෙන යා යුතුම යැයි ඔව්හු තර්ක කළහ.

බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යාමට ඉඩදී වෛද්‍ය අධිකාරීවරයා පිටවී ගියේ ය.

මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුණේ රෝගියා මරා දමන්නට රැගෙන ගිය බව ය.

ඔව්හු සියල්ලෝම වෛද්‍ය අධිකාරී නිල කාමරයට රැස්වූහ. වෛද්‍ය අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කළ අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියේ ය. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවේ ය. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවරී තිබුණේ අග්‍ර ආණ්ඩුකාරවරයාට පමණි. ඔහු දන්නා හදුනන අධි නීතිඥ මහත්වරුන් කීපදෙනෙකු ප්‍රකාශ කළේ වහාම අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙස ය. ඒ සඳහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවතියේ තවත් මිනිත්තු 20ක් පමණි.

අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරීවරයාට ලැබුනු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවෙකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යාංශය හරහා හුවමාරු විය යුතු බැවින් ඒ සඳහා මාස 3ක කාලයක් අවම වශයෙන් ගතවන බව ය. ඒ නිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කළ නොහැකි බව ආණ්ඩුකාර ලේකම් පැවසීය.

වෛද්‍යවරුන් පරාජය භාරගත්තේ නැත. ඔව්හු අග්‍රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කළහ. වෛද්‍ය අධිකාරීවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවසේ දුරකථනය මගින් ඔහු අමතා දැනුම් දුන්නේ ය. විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුරව අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවසේ ය. වෛද්‍ය අධිකාරීවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේ ය. උදෑසන 7.50 එහි සටහන්ව තිබුණේ ය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වීය.

බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේ ය. වෙලාව පෙ.ව. 8.02 සටහන්ව තිබුණේ ය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේ ය.

ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේ ය. ඔහු අන් කිසිවකු නොව අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයා ය. ඔහු කෙටි ලියවිල්ලක් බන්ධනාගාර අධිකාරීවරයා අත තැබුවේ ය. එය කියවමින්ම අධිකාරීවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නේ ය. ලිවරය අත්හළ අලුගෝසුවා වහා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කළේ ය. හිතුමතේ, පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන් ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා විය.

සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබී ය. දින 7 කින් සාමාන්‍ය වාට්ටුවට මාරු කෙරිණි. නැවත බන්ධනාගාරයට ගෙනයෑම සඳහා  වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ තවත් මාස දෙකක් ගතවීමෙන් පසුව ය. එල්ලා මැරීම සඳහා  වූ නඩු තීන්දුව අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිරමැදිරියක සිටියේ ය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සඳහා  අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුණේ ය.

හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින් පළා යාමට සැලසුම් කළේ ය. මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුගේ අඩි 6x4 කුඩා කාමරයේ තිබුණේ සීමිත ආම්පන්න සංඛ්‍යාවකි.

කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බදුන හෙවත් පිස් පෝච්චිය, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එක ඒ අතර විය. එම වතුර භාජනය සිරගෙදර භාෂාවෙන් හදුන්වන ලද්දේ කොට්ටුව යන නමිනි. එය කුඩා බාල්දියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සඳහා  රෙට්ටුව නමින් හැදින්වූ ඝන රෙද්දක් ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුණේ විශාල ගල්වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත්කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ.

වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේ ය. Condemned Shell ප්‍රදේශයට රාත්‍රී කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවට වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේ ය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේ ය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණි. දිවා කළ අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදු විය.

ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇති වූ කඩතොළු වැසීමට ආහාර සලාකයට ලැබුණු පාන් බාගයේ මැද කොටස හොඳින් පදම් කොට පිටි ගුලියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රී කාලයේ නොනවත්වා ම ඔහු වැඩ කළේ ය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය.

පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුණේ ය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරී මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේ ය. එය බෙහෙවින්ම ශක්තිමත් ය.

රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැග පැන යා හැකි ය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇගිලි පුරුක්වලින් මැන කපන ස්ථාන ලකුණු කළ සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේ ය.

සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසිදු කොට නැවතත් ගල පෙර පරිද්දෙන්ම රඳවා  එදින වැඩ කටයුතු අවසන් කළේ ය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේ ය. සුමතිපාල හොද ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකය ද ගෙන හැන්දෑවේ ගණන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේ ය. අවසන් ගණන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළග නිමේෂයේ නැගිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය.

රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30ක පමණ කාලයක් තුල අඩි 12ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නට ඔහුට හැකි විය. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේ ය.

නිසොල්මනේ තාප්පයට කිට්ටු කළ සුමතිපාල බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේ ය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ලඟා විය. බැම්මට නැඟ බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුණේ ය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලඳු කැලෑවේ ය. (දැන් එය නැත) එතනින් අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියේ ය.

නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එහි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුණා  තිබුණේ ය. සුමතිපාල ගන්නෝරුවෙන් එයට නැඟ වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හදුනාගත් මිතුරකුගේ නිවෙසට ගියේ ය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක් ද කරගෙන පසුව වාද්දූව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියේ ය.

කුසුමා නැගණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඬුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කණිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැගණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නට ද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඬුවම් කළ යුතුම ය.

මිතුරාගෙන් පාපැදියක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මගහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේ ය. දින කීපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක් ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේ ය.

බන්ධනාගාර මිතුරාගේ නිවසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊලග කාර්යය සඳහා ද කටයුතු සැලසුම් කළේ ය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිදක් කපන්නට මුලපුරා තිබුණේ ය. ඔහු මිතුරා සමඟ  හරි හරියට මහන්සි වී ළිද කැපුවේ ය. සති අන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැඟ මීගමුවට ගියේ ය.

කිසිවෙකුට නොදැනෙන්නට, නොහැගෙන්නට කොච්චිකඩේට ගොස් නැගණිය පැහැරගෙන විත් රඳවා ගෙන සිටි නයගරා ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සාහ කළේ ය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවී ය.

අසළ කුඩා තේ කඩයක මුදලාලි කෙනෙකු සමඟ  කථාවට වැටුණු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පළාත පුරා ප්‍රසිද්ධ බවත්, පෙත්සම් ගැසුව ද කිසිවක් නොවූ බවත් ය. තමා හිස ගසා දැමූ අයි.පී.ගේ නංගි බැදපු මිනිසාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේ ය. පසුව ඒ අසළ ගැවසී තානායමේ අයිතිකරු දැකබලා ගත්තේ ය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසලට ගියේ ය.

එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කළ ඔහු මිතුරාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේ ය. තරමක් පැරණි ගමන් බෑගයක් ද මුදලින් රුපියල් 600ක් ද මිතුරා සුමතිපාලට දුන්නේ ය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහනයේ කොච්චිකඩේ හන්දියෙන් බැස නයගරා ගෙස්ට් හවුස් වෙත ගියේ ය. රාත්‍රියේ නැවතී පසුදින උදෑසන ආපසු යාමට කාමර ගාස්තුව එකල අය කලේ රු. 100කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේ ය.

සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේ ය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේ ය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේ ය. 'මහත්තයා, ඒක අපේ මුදලාලිගෙ කාමරේ, ඒක පිට අයට දෙන්නෙ නෑ' සේවකයා කීවේ ය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේ ය. දිවා ආහාරය ද තානායමෙන් ම ගෙන. ගමන් මල්ල එහි ම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරසී කාමරයේ යතුර ද රැගෙන ආලින්දයට පැමිණියේ ය. ඒ වන විටත් මුදලාලි පැමිණ සිටියේ නැත. ගරාජයේ මෝටර් රථය නොවී ය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට ගොඩවිය. 

වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේ ම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ළඟ නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහො යැව්වේ ය. තරමක් දිග මිටක් ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ළඟ ඔහුගේ දෙනෙත නතර විය.

එය මිළට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යාමට පෙර දෙමළ චිත්‍රපටියක් ද නැරඹී ය. රාත්‍රී 9.30ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේ ය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම් අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැඳින ගත්තේ ය.

'හිතුමතේ' තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැඳිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදලාලිගේ කාමරයට විවෘත වන නාන කාමරයට බැස්සේ ය. නානකාමරයේ දොර මදක් විවර කළ විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙනිණි. පිරිමියා නිරුවතින් ඇදේ දිගා වී සිටියේ ය. 'හිතුමතේ' ඔහුට ළං වන විට ඔහු 'හොරෙක් හොරෙක්' යැයි කෑ ගැසීය. සුමතිපාල හොඳින් නැවී තානායමේ අයිතිකරු කළුතර අයී. පී. මහතාගේ මස්සිනා බව නිසැක ලෙස හදුනා ගත්තේ ය.

'යකෝ මම කුසුමාවතීගේ අයියා සුමතිපාල' යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නඟා කීවේ ය.

ඊලග නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේ ය. කදින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේ ය. තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සමඟ  මිදුලට පැන්නේ ය. ගේට්ටුවෙන් පාරට ද පැනගත් සුමතිපාල සුළු වෙලාවක් තුළ කොළඹ - පුත්තලම පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේ ය.

ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොල දෙසට ය. පාන්දර නිසා මහා මාර්ගය පාළුවට ගොස් තිබුණි. නමුත් කිලෝ මීටර් 7ක් පමණ මඟ ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මඟ දිගට කීප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙකු පාරේ යන බව දැක තිබුණි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිණි.

පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වතුර වත් කළේ ය. සීතල වතුර සිරුර පුරා ගලායන විට සුමතිපාල නැවත ප්‍රකෘති සිහියට පැමිණියේ ය. මේ සිදුවීමෙන් පසු 'හිතුමතේ' අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබිණි.

ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්න ම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුළ තදබදය එන්න එන්න ම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්ත්වයක් තුළ සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පැවතියේ ය.

ජ.වි.පෙ. ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැන යන ප්‍රථම කණ්ඩායම ද සංවිධානය කළහ. ජ.වි.පෙ. සාමාජිකයන් සමඟ මරුසිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරුසිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය.

මරුසිරාගේ කණ්ඩායමට පැවරූ වැඩ කොටසට සුමතිපාල ද සහාය වූයේ ය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සඟවා තබන්නට ඔවුහු කටයුතු කළහ. දින කීපයක් තුළ උල් යකඩ කූරු 15ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි.

ප්‍රහාරය ආරම්භ කිරීම සඳහා  ජ.වි.පෙ. සාමාජික හීන් බණ්ඩා උපදෙස් දී තිබුණේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවට ය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි.

ජේලර්ලා පිරිසක් බැටන් පොලු ඇතැතිව ඔවුන්ට හරස් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්ත්වය පාලනය වූයේ ය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුලත කාර්යාලය අසල නතර කර තිබුණේ ය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කීප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක් ම බෙදා ගත්හ.

ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැඟ සිටියහ. මරුසිරාත් ලයනලුත් තුවක්කු ඇතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ.

සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලාගෙන සිටියේ ය. එක් සිරකරුවෙකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිනි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැද තුෂ්ණිම්භූතව බලා සිටියහ.

අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේ ය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේ ය. පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරුසිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.පෙ. සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමඟ  එකතු වූහ. (සෝමපාල, ගුරුසිංහ සහ ලොකු බණ්ඩාර ඒකනායක යන ජ.වි.පෙ. නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කඳවුරු බැඳ සිටියහ. පසුව ජ.වි.පෙ. පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන Prison break එකක් සැලසුම් කළ අතර අනුරාධපුර සිරගෙයි සිටි විශාල පිරිසක් බේරා ගනු ලැබිණි).

සුමතිපාල මරුසිරාගෙන් සමු ගෙන හේන් ගොවියෙකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ මිතුරකුගේ නිවසේ දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කථාව යටපත් වනතුරු ය.

දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේ ය. සිය පියා ද මිය ගිය බව ඔහුට අසන්නට ලැබුනි. නංගීත්, අම්මාත්, තාත්තාත් ඇතුළු ඔහුගේ පවුල නැවත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවදී ය. ඊට පෙර නංගිව දූෂණය කළ කළුතර විදුහල්පතිවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමඟ  ගණුදෙනු බේරා ගන්නට තිබේ.

සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හදුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඥාතියෙකු හැටියට ය. එබැවින් දින කීපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවී ය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔසසේ ගොස් නංගි දූෂණය කර මරාදැමීමට සහාය වූ විදුහල්පතිවරයාගේ නිවෙස සොයා ගත්තේ ය.

එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාල ය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලට ම බයිසිකලය පැදගෙන ගියේ ය. ගුරුවරයාගේ බිරිඳ යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියා ය. 'නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුලුවන් ද කියලයි බැලුවේ'. සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේ ය. 'මෙහේ කෙසෙල් කැන් නැතැ' යි ඇය පිළිතුරු දුන්නා ය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් විදුහල්පති ගුරුවරයා ද එහි ආවේ ය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත් විය.

පසුදින සුමතිපාල නැවත සයිකලයට නැගී පයාගල රේන්ද වාඩියකට ගියේ ය. එහි අයිතිකරු 'හිතුමතේ'ගේ පියා හඳුණන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහෙ රස්තියාදු වී රාත්‍රී 10ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේ ය. වත්තේ කොනක සැඟවී සිටි ඔහුට නින්ද ගියේ ය.

බාල්දියක් සෙලවෙන ශබ්දයෙන් ඇහැරුණු ඔහු විදුහල්පතිවරයා බාල්දියක් ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේ ය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහිය ද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැගී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේ ය. පිහිය සහිත අත ද ඇතුළට ගත්තේ ය.

වැසිකිළිය තුළ සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේ ය. කුප්පි ලාම්පුවේ එළයෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැදිනගත්තේ ය.

'කවුද යකෝ මේ?' විදුහල්පති කෑ ගැසුවේ ය.

'මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා'. සුමතිපාල මොර දුන්නේය.

ඊළග මෙහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ දොර අරින්නට නැඟී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේ ය. කවන්ධය වැසිකිළිය තුළම වැටුන අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේ ය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුනු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලය ද ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුළට දමා බැඳ ගත්තේ ය.

බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේ ය. පොලිස් අධිකාරීවරයාගේ නිල නිවාසය අසලට එන විට වෙලාව උදෑසන 6.00 පසු වී තිබුණේ ය. 'හිතුමතේ' ඒ වන විට දහදිය දමා දියබත්ව සිටියේ ය. අලුයම ව්‍යායාම සඳහා  බැහැර සක්මනෙහි යෙදුනු සහකාර පොලිස් අධිකාරී තැන අරින ලද ගේට්ටුව අතරින් නිල නිවෙසට ඇතුලු වෙමින් සිටියේ ය. 

ඔහු පසුපස ම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා 'ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා' යැයි කියමින් ගෝනිය ලෙහා හිස එළියට ගත්තේ ය.

කළුතර මිනී මැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරුසිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරුසිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත.

සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුණේය.

සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුණේ ය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේ ම සිටියහ. නමුත් සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතර ම සිටියේ ය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරුකරුවෙක් දිනක් සවස් බාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේ ය. ඉන් කියැවුනේ ලඟදී ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තරයක් තමාගෙන් ඇසූ බවත් මාසයක් පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත් ය.

පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේ ය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටයදී සුමතිපාල ඔහු හොදින් නිරීක්ෂණය කර ගත්තේ ය. හෙතෙම ආගන්තුක තැනැත්තා පිළිබද විස්තර සොයා බැලුවේ ය. හෙතෙම ජා-ඇල ප්‍රදේශයේ අයෙකි. නම ලක්ෂ්මන් ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමඟ  පොලීසියට හසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කළ දඩය නොගෙවා සිරගත වීමෙනි.

එම තොරතුරු එතරම් යහපත් නැත. සමහර විට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි හෝ තමා මරා දැමීම සඳහා  මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා කථාබහ නොකළේ ය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේ ය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුණේ තවත් දින 14කි.

ඔහු තුළ නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේ ය.බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනා ම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේ ය. රාත්‍රී කාලයේ සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුනේ තවත් සිරකරුවන් 40ක් සමඟ විශාල ෂෙල් එකක ය. බොහෝ විට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මෙහොතක් ම සෝදියෙන් පසු වූවේ ය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරි ය. පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සඳහා  ඔප්පු කළ හැකි කිසිදු සාක්ෂියක් ද නැති ය.

සුමතිපාල එන ඕනෑම තත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේ ය. ගංජා ලක්ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්ෂනය කළේ ය. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුණේ දින 4කි. දින තුනක් ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේ ය. අවසන් දින අවසන් රාත්‍රිය උදා විය.

සුමතිපාල අළුයම් යාමය පැමිණෙන තුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කළේ ය. ඒ වන විටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේ ය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූයේ ය.

සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසියම් ඡායාවක් දැනුනේ ය. විදුලි වේගයෙන් කිසියම් තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිදා බැස්සේ ය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූවේ ය. දෑස් අන්ධකාරයේ ගිලී තිබියදී විදුලි වේගයෙන් නැගී සිටි සුමතිපාල එසේ නැගිටිමින් ම ඇසට කිදා බැස තිබූ යකඩ කූර තම අතින් ඉවතට ඇද තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේ ය.

ඔහුගේ මුහුණ ලෙයින් පෙගී තිබුණේ ය. ඔහු උල් පහර එල්ල කළේ කිසිවක් නොපෙනී අදුරේ ය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මේච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේ ය. ඒ අන් කිසිවකු නොව ජා-ඇල ගංජා ලක්ෂ්මන් ය.

හදිසි මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් 46 වාරයක් ඇන ඇති බව ය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අගල් දෙකක් පමණ ඇතුලට බැස තිබුණේ ය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන්ව කැදවාගෙන ගොස් තිබුණේය.

කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත් ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේ ය. යකඩ කූර වම් ඇසට දශම කීපයක් ඔබ්බෙන් කිදා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදු වූයේ නැත. උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලය ද ක්‍රමයෙන් සුවපත් විය. ඔහුව යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණි.

තමා මරා දැමීම සඳහා  ලක්ෂ්මන් බන්ධනාගාරයට එව්වේ කවුදැයි යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකි විය. පුත්තලම් පාරේ මස්කඩ කීපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පසුපස සිටියේ ය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි. කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මග පෙන්වා ඇත්තේ ඔහු ය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තව දුරටත් තීන්දු වී තිබේ.

ශල්‍යකර්ම කීපයකට ම යොමු කිරීමෙන් පසු සුවය ලැබූ සිරා නොහොත් සිරිපාල සුවය ලබා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයටම මාරු කරනු ලැබුවේ ය. නැවතත් හිතුමතේ, මරුසිරා සහ ලයනල් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිරකරුවන් රඳවන කොටසේ රඳවන ලැබ සිටියහ. එය සුමතිපාලට මහත් සතුටක් වූයේ මරුසිරාත් ඔහුත් දෙදෙනාම එලොව ගොස් මොලොවට පැමිණ සිටීම නිසාය.

නඩු විභාග වූ සෑම දිනකම සිරිපාල, සුමතිපාල හා ලයනල් ඇතුළු සිරකරුවෝ ආරක්ෂක මුරකාවල් ඇතිව බන්ධනාගාර රියකින් උසාවියට ගෙන යනු ලැබූහ. මරුසිරා ගැන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රසිද්ධිය නිසා උසාවි ගෙන එන සිරකරුවන් බැලීමට සමහරු මිරිසවැටියේ සිට උසාවිය දක්වා මග රැක සිටියහ.

පලා යෑමේ නඩුවට අච්චු නියම කරන දිනය ද පැමිණියේ ය. එම දිනය පසුවූ විට සුමතිපාල නැවතත් වැලිකඩ යවනු ඇත. ඊට පෙර සිරගෙයින් පලායෑම ඥාණාන්විත වේ යැයි සුමතිපාල කල්පනා කළේ ය. කොළඹ යැවුවහොත් සිරගෙයින් පලා යාම දුෂ්කර වනු ඇත. එබැවින් සිදුවන්නක් සිදුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී විය යුතු යැයි සුමතිපාල විශ්වාස කළේ ය.

මේ අතර සිරිපාලගේ මිනිමැරුමේ නඩුවෙන් අනිවාර්යෙන් ම මරණ දඬුවම හිමිවනු ඇතැයි සිරිපාල කල්පනා කළේ ය. එබැවින් ඊට ප්‍රථම අවස්ථාව ලද සැනෙන් පලා යා යුතු ය. නැතහොත් අනිවාර්යෙන් ම පසුතැවිල්ලට හේතුවනු ඇත. සිරිපාල පලා යා යුතු බවට වූ පණිඩුඩය සුමතිපාලගේ කණේ තැබුවේ ය. ඔහු එක හෙළා ඊට කැමැත්ත පල කළේ ය. 

ඔවුන් සමඟ  එකට උසාවි ගෙනයන සීමන් සිල්වා කලක් කොළඹ කොටහේනේ පදිංචිව සිටි බෝම්බ මාස්ටර් කෙනෙකි. බෝම්බ සෑදීම සහ දමා ගැසීම පිළිබද සීමන් සිල්වා ලද විශේෂඥ පුහුණුවේ ප්‍රතිඵල ලෙස ඔහුගේ එක් අතක මහපට ඇගිල්ල සහ දඹර ඇඟිල්ල නැත. ඇඟිලි අඩු සීමන්ට ඕනෑ ම අවස්ථාවක අත උල්කොට මාංචුව පන්නා ගත හැකි ය. සදුදා උදෑසන නඩුව විභාගයට ගනී. සිරිපාල මහාධිකරණයටත් සුමතිපාල සීමන් සිල්වා සහ පියසේන මහේස්ත්‍රාත් උසාවියටත් ගෙන යා යුතු ය.

එක සඳුදාවක සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රවාහනය කරන රථය ආපදාවකට ලක් වී තිබිණි. බන්ධනාගාරයේ ඇති කුඩා වෑන් රථය ප්‍රමාණවත් වන්නේ පොල් පටවන්නාක් මෙන් රිමාන්ඩ් සිරකරුවන් පටවාගෙන යන්නටය. මරුසිරා ඇතුළු විශේෂ ඝනයේ සිරකරුවන් වඩා ආරක්ෂිතව රැගෙන යා යුතු බැවින් එවැනි අවස්ථාවකදී අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙත වූයේ අනුරාධපුර ටවුමෙන් පුද්ගලික කුලී මෝටර් රථයක් ගෙන්වා විශේෂ සිරකරුවන් උසාවි ගෙන යෑම ය. නිතර බන්ධනාගාරයට කැදවන 4 ශ්‍රී ඔස්ටින් කාර් රථයක් හිරගෙදරට පැමිණියේ ය.  සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගේ ය.

නඩු විභාගය අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඬුවමක් එකතුව තිබුණේ ය. මරුසිරාගේ නඩුවේ තීන්දුව පසු දිනට කල් ගියේ ය. මේ අවස්ථාවේ අනපේක්ෂිත දෙයක් සිදු විය. ජේලර්වරයකු අනෙකුත් සිරකරුවන් සමඟ වෑන් රථයේ ඒම පිණිස නතරවී රයිපලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු ඔස්ටින් රථයට නැගීම ඒ හදිසියේ ඇති වූ වෙනසයි.

සිරිපාල සිය මෙහෙයුම ආරම්භ කලේ උසාවියේ සිට කදිරේෂන් කෝවිල පසු කරන විට ය. ප්‍රථමයෙන් කළයුතු වන්නේ දඹර ඇගිල්ල සහ මහපට ඇගිල්ල අහිමි සීමන් තම අත උල්කර මාංචුව පන්නා ගැනීම ය. සිරිපාල ඇසෙන් දුන් විධානය අනුව අත පන්නා ගැනීම මිතුරා ආරම්භ කළේ ය. එය හිතුවාටත් වඩා පහසුවෙන් කෙරුණේ ය. සීමන්ගේ දෙඅත් මුළුමනින්ම නිදහස් ය. එහෙත් හඩ නොනැගෙන සේ මාංචු එලෙස ම තබා ගත්තේ ය. ඉන්පසු දෙවැනි පියවර එළැඹියේ ය. එනම් ජේල්ර් මහතාගේ සාක්කුවේ ඇති මාංචු ගලවන යතුරු කැරැල්ල පික්පොකට් ගැසීම යි. දක්ෂ පික්පොකට් කරුවකු වූ පියසේන අවස්ථාවක් බලා එය හරියට ම කළේ ය. ඉන්පසු මෙහෙයුමේ තුන් වැනි පියවර ඇරඹියේ ය. යතුරු කුට්ටම හඩ නොනැගෙන සේ හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අත් මාංචුවලින් නිදහස් කරගත යුතු ය. මිනිත්තුවකටත් අඩු කාලයක් තුළ මාංචු ගැලවීම අවසන් වූවේ ය. දැන් මාංචු කුට්ටම් තුනම තිබෙන්නේ රබර් සීට් උඩ තුන්පලක ය.

මල්වතු ඔය පාලම මතට රථය පිවිසෙනවාත් සමඟ ම රියදුරු ෂෙල්ටන්ගේ ගෙල වටා අතදැමූ ලයනල් ඔහුගේ හිස උඩු අතට නවා ගත්තේ ය. කාරය පාලම් ඇන්දේ හැපී නතර විය. මරුසිරා දුන් පහරින් වම්පස දොර ඇරී සාජන් මහතා පාරට වැටුණේ ය. වහා නැගිට ගත් සාජන් මහතා රිපීටරය මරුසිරාට එල්ල කරනු දුටු 'හිතුමතේ' වලහකු මෙන් ජේලර් වෙත කඩා පැන්න අතර දෙදෙනා පාලමේ ඇදි අතරින් මල්වතු ඔයට නොවැටී බේරුණේ අසීරුවෙනි. තුවක්කුව උදුරා ගැනීම සඳහා ඔවුනොවුන් අතර බිහිසුණු සටනක් ඇරැඹුණේ ය.

සාජන් අතින් එක් වෙඩිල්ලක් පත්තු වූ අතර ඉලක්කය වැරදීම නිසා එය අසල වූ කොහොඹ ගසක වැදිණි. පසු නොබලා දුවමින් සිටි ෂෙල්ටන් වෙඩි හඬට හා වඳුරන්ගේ හඬට ආපසු හැරී බැලූවිට දුටුවේ තුවක්කු සිරකරුවන් අතට පත්වීම නිසා තමා සිටින දෙසට ම දිව එන සාජන් මහතා සහ ජේලර් ය.

ඊලග මොහොතේ පැයට සැතපුම් 60 ක පමණ වේගයකින් රතු පැහැති ඔස්ටින් ෂරීනා රථයක් අනුරාධපුර ඇළදපත්තුව දෙසට ගමන් කරනු පෙනුණේ ය. ලයනල් විසින් පදවනු ලැබූ කාරයේ ඉදිරි අසුනේ 303 වර්ගයේ රයිපලයක් අතින් ගත් මරුසිරා නොහොත් සිරිපාල වාඩි වී සිටියේ ය. පසුපස වම් පස අසුනේ සිටියේ රිපීටර් තුවක්කුවක් අතින් ගත් 'හිතුමතේ' නොහොත් බී.ඩී. සුමතිපාල ය.

මරුසිරා තවත් බිහිසුණු අපරාධරුවන් තිදෙනෙකු සමඟ  හිරෙන් පැන යාම පසු දින පුවත්පත් මහා ඉහළින් වාර්තා කර තිබුණේ ය. මේ අසුභ ප්‍රවෘත්තියත් සමඟ රජරට ප්‍රදේශය හෙල්ලුම් කෑවේ ය. මරුසිරාගේ නඩුවේ තීන්දුව දුන්නේ විත්තිකරු නොමැතිව ය. ඔහුට මරණ දඬුවම නියම විය. ඔස්ටින් රථය කැලෑ මණ්ඩියක අත්හළ සිරකරුවෝ ඇළදපත්තුව කැලයට වැදී සැහැල්ලුවෙන් ගමන් කළහ. එදින සන්ධ්‍යාභාගයේ ඔවුන් ප්‍රථමයෙන් කළේ වැවකට පැන සිත් සේ නා ගැනීමයි.

පසුදින මරුසිරාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ ඔවුන් සිටියේ දියකිත්ත වැව ප්‍රදේශයේ මිතුරකුගේ හේනක පිපිඤ්ඤා කමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ය. මරුසිරාගේ පපුවේ 'මරුවා සමඟ වාසේ' යනුවෙන් පච්ච කොටා තිබේ. එය දුටු සුමතිපාලට පච්චයක් අවශ්‍ය විය. එදා හැන්දෑවේ පච්ච කොටන අඩුවැඩිය රැගත් මිනිසකු හේන් යායට ගෙන්වාගත් මිතුරු පිරිස තම තමන් කැමති පච්චා කොටා ගත්තෝ ය.

සුමතිපාල කවුරු මොනවා කිව්වත් හිතුමතේ වැඩ කරන නිසා ඔහුගේ පපුවේ 'හිතුමතේ' කියා කෙටීම වඩා සුදුසු බව කාගෙත් අදහස විය. දෙද්දුවගේ සිරිපාල නොහොත් මරුසිරා සිය අත් අකුරින් සුමතිපාලගේ පපුවේ හිතුමතේ යනුවෙන් සලකුණු කළේ ය. පච්චා කෙටූ ඇන්තනී එම අකුරු සුමතිපාල ජීවත්වන තුරු නොමැකෙන්නට තහවුරු කළේ ය.

එය කොටා අවසන් වන විට සුමතිපාලගේ ඉල්ලීම වූයේ ඔහුගේ නැගණියගේ නමත් බාහුවේ කෙටිය යුතු බව ය. එය ද ඒ අයුරින්ම ඉටු විය. සුමතිපාලගේ බාහුවේ 'කුසුමා ඔබ නිසා' යනුවෙන් කුඩා අකුරින් සටහන් කළේ ය.

යුධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්ෂාව තරකර තිබුණි. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොට ම ඇළදපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්ෂාවට ලක් කළහ. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධව කිසිදු තොරතුරක් ලැබුණේ නැත. අනුරාධපුර පොලිස් අධිකාරී මහතා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කළ අතර එම මෙහෙයුමට අනුව සන්නද්ධ කුඩා භට කණ්ඩායම් දිස්ත්‍රික්කයේ කැලෑ මාර්ගවල රාත්‍රී කාලයේ තැන් තැන්හි යෙදවිණි. එම කණ්ඩායම් ද අනුරාධපුර අවට කැළෑ ප්‍රදේශවල, හේන් යායවල සැරිසැරූහ. එහෙත් පලාගිය සිරකරුවන් පිළිබදව කිසිඳු  ආරංචියක් පොලිසියට ලැබුණේ නැත.

දින ගණනකින් පසුව පොලිස් ඔත්තුකරුවෙකු දැනුම් දුන්නේ කුඩා හෝටලයකින් අවේලාවේ කෑම පාර්සල් කිහිපයක් සකස් කරවාගෙන කැලයට ගමන් කළ නාඳුනන පුද්ගලයෙකුගේ අතේ ඇඟිලි කීපයක් අඩු බව ය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පිටත් වූ අතර ඔවුහු වනයට ඇතුල් වී ඉදිරියට ගමන් කළහ. තරුණ පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් මහතාට මරුසිරාගේ සමත්කම් ගැන එතරම් දැනීමක් නොතිබූ අතර ඔහු මෙය සාමාන්‍ය රාජාකාරී ගමනක් ලෙස සළකා තිබුනි.

මේ කණ්ඩායම බලාපොරොත්තු නොවූ ලෙස කැළය මැදදී අපරාධකරුවන් සිව් දෙනාගේ කල්ලිය මුහුණට මුහුණ හමු විය. මේ අවස්ථාවේ පලා යාම වෙනුවට පහරදීම තෝරාගත් මරුසිරා සාජන් කෙනෙකුට පොල්ලකින් පහර දුන් අතර ඔහුතේ අතේ තිබී විසිවූ ස්වයංක්‍රීය ගිණි අවිය අහුලා ගන්නට පැන්නේ ය. නමුත් වහා ක්‍රියාත්මක වූ සිසිල් කාරියවසම් මහතා මරුසිරා මතට පැන පොරබදා ඔහු මෙල්ල කළේ ය. පොලිස් නිළධාරීන් හතර අතේ වෙඩි තබන්නට ගත් නිසා මරුසිරා බේරාගැනීම පසෙකලා සෙස්සෝ පැන ගියහ. මරුසිරා ජීවග්‍රහණනයෙන් අල්ලා ගැනීමට හැකි වීම පොලිස් පිරිසේ විශාල ජයග්‍රහණයක් ලෙස ඔව්හු සැලකූහ.

පැය තුනක් පමණ කල්ගතවූ පසු ඉපැරණි වැව් බැම්මක් මතදී 'හිතුමතේ' සහ ලයනල් නැවත හමුවූහ. දින කීපයකට කලින් දින දෙකක් නතර වී සිටි හේනක තවත් දින දෙකක් රැදෙන්නට ඔව්හු තීරණය කළහ. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති සුමතිපාල නොහොත් 'හිතුමතේ' අල්ලා ගැනීම සඳහා ඔත්තු සපයන්න යැයි ද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුණේ ය. දින දෙකකට පසු ලයනල් සහ පියසේන අනුරාධපුරයට ආයුබෝවන් කියා පිටවී ගියේ ය. සුමතිපාල වැඩි අමුත්තක් නොපෙන්වා හේන් ගොවිතැන් කළ මිතුරාට උදව් වෙමින් හේනට ම වී සිටියේ ය.

එක් ඉරිදාවක වට්ටක්කා කොළඹ පටවන ලොරිය පැමිණියේ ය. හේන් කීපයක වට්ටක්කා පටවා ගත් ලොරිය කොළඹ යන්න පිටත් විය. හිසේ ජටාවක් බැදගත් 'හිතුමතේ' වට්ටක්කා ගොඩේ වාඩිවී සිටියේ ය. ලොරිය උදෑසනම කොළඹ බලා ගමන් කළේ ය.

කුරුණෑගල නගරයේදී 'හිතුමතේ' වට්ටක්කා ලොරියට සමු දී බැසගත්තේ ය. හෙතෙම සිරගෙදරදී හදුනාගත් යහළුවකු වූ රත්නේ සොයා පසුව කටුපොත ගියේ ය. රත්නේ සමඟ  දින කීපයක් ගත කළ ඔහු රත්නේගේ නිවෙසේ තිබූ මෝටර් සයිකලයෙන් රවුමක් දෙකක් ගසා පුහුණු විය. දිනක් යහළුවාගේ මෝටර් සයිකලයේ නැඟුණු 'හිතුමතේ' අවසන් මෙහෙයුම ආරම්භ කිරීම සඳහා  බුද්ධි දත්ත රැස්කර ගැනීමට පල්ලම බංගදෙණිය හරහා ආරච්චිකට්ටුවට ගියේ එම නගරවල මස්කඩ කිහිපයක් පවත්වාගෙන ගිය මුදලාලි දැක ගන්නට ය.

ආරච්චිකට්ටුව හන්දියට ඔබ්බෙන් හලාවත පැත්තට වෙන්නට ගැස්ටන් මුදලාලිගේ නිවෙස තිබුණේ ය. ඔහුගේ දින චරියාව නිසැකව තේරුම් ගන්නට සුමතිපාල දින තුනක් කුරුමානම් ඇල්ලුවේ ය. දින තුනේ ම සවස 4.30ත් 5.00ත් අතර නිවෙස ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ පසු මුදල් පාර්සලයත් රැගෙන මුදලාලි නිවෙස තුළට යන බව නිරීක්ෂණය විය. සිය දඩයම මස්කඩ අසල කරන්නට යෑම එතරම් නුවනට හුරු නැතැයි 'හිතුමතේ' කල්පනා කළේ ය. එහිදී ශිල්ප දක්වන්නට ගියොත් තමාගේ මරණ දඬුවම ද ඒ ස්ථානයේදී ම ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එසේ නම් තම වැඩේට අත ගැසිය යුත්තේ මුදලාලිගේ නිවසේදී ය.

දින කීපයක් මිතුරාගේ නිවසේ සිටි සුමතිපාල මල්වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ තරමක් සරුවට පවත්වාගෙන යන කම්හලකට ගොස් පොල් කෙක්කට දමන පිහියක් සාදවා ගත්තේ ය. පිහියේ වැඩ අවසන් වූ දින ඔහු මෝටර් සයිකලයේ ගොස් පිහිය ගෝනියක ඔතාගෙන මස් කඩ මුදලාලියා හමුවන්නට ගියේ ය. හෙතෙම මුදලාලිගේ නිවෙසට නුදුරින් වූ මල්මාර ගස යට බයිසිකලය නතර කළේ ය. නියමිත වෙලාවට මුදලාලිගේ රිය ගේට්ටුව පසුකර නැවැත්වී ය.

'හිතුමතේ' ගෝනියෙන් එළියට ගත් පිහිය පිටුපසට කර අල්ලාගෙන සිටියදී මුදල් පාර්සලයත් බ්‍රැන්ඩි බෝතලයකුත් අතින් ගත් මුදලාලි කාරයේ දොර ඇර එළියට පා තැබුවේය. 'හිතුමතේ' වේගයෙන් මුදලාලි කරා පැමිණෙමින් සිටියේ ය. මුදලාලි ඔහු දුටුවේ ඉතා සමීපව එමින් සිටියදී ය. 'හිතුමතේගේ' මුහුණේ වූ වියරු සිනහව දුටු ගැස්ටන් මුදලාලි තැති ගත්තේ ය.

 'ඒයි කවුද මිනිහෝ උඹ?' ඔහු කෑ ගසමින් මුදල් පාර්සලය කිහිල්ලට සිරකර ගත්තේ ය.

'මුදලාලි මහත්තයෝ මම සුමතිපාල කුසුමාවතීගේ අයියා' හිතුමතේ කෑ ගැසුවේය.

මුදලාලි භීතියෙන් මුසපත්ව කාරය දෙසට ආපසු හැරුණේ ය. ඉදිරියට පැන්න 'හිතුමතේ' කෙක්ක පොල්වල්ලට දමන්නාක් මෙන් ගැස්ටන් මුදලාලිගේ බෙල්ලට දමා ඇද්දේ ය. කදින් වෙන්වූ බෙල්ල පළමුවත් මුදලාලි දෙවනුවත් ගෙය ඉදිරිපිට කාණුවට වැටුණේ ය.

මේ සිදුවීම කිසිවෙකු දැක්කේ නැත. පොල් කඩන වක් පිහිය කාණුවට විසිකළ 'හිතුමතේ' ආපසු හැරී මල්මාර ගස යට නතර කර තිබූ මෝටර් සයිකලය වෙත යන්නට පිටත් විය. මේ අවස්ථාවේදී පමණක් ඔහු කැපූ හිස රැගෙන ගියේ නැත.

පසුව මුදලාලිගේ බිරිදට මළසිරුර හමුවිය. 'හිතුමතේ' කටුපොත රත්නපාලගේ නිවෙසට ගියේ ය. මොටර් සයිකලය වෙනදා නවතා තබන ස්ථානයේ ම තැබූ ඔහු බාල්දිය රැගෙන ලිද කරා ගොස් මුහුණ දොවා ගත්තේ ය. එදින රාත්‍රියේ බොහෝ වේලා කල්පනා කළේ ය. පළිගැනීම දැන් අවසන් වී ඇත. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවූ හැම සිදුවීමක්ම ඔහුට මෙනෙහි වූයේ ය.

නින්දට ගිය ඔහු නින්දෙන් ම බොහෝ දුරක් පයින් ගමන් කර පසුදින උදයේ වැවක් අයිනේ වැටී සිටියේ ය. එතැනට ආවේ කෙසේ දැයි ඔහුට මතකයක් නොවී ය. පළිගැනීමේ සිතිවිල්ල 'හිතුමතේ' තුළ ගොඩනගා තිබූ ජවය හා උත්තේජනය ඒ වන විට සිදී තිබුණේ ය. දැන් සියල්ල අවසාන ය. තවදුරටත් තමා ජීවත්වීම අවශ්‍ය නොවේ. නමුත් බියගුල්ලෙකු සේ නොමැරෙන්නට ඉටා ගත් ඔහු මාර්ගයක් සොයා ගමන් කළේ ය. එහි ගිය ලෑන්ඩ්මාස්ටර් රථයක තරුණයෙක් ඔහුව ද නංවා ගත්තේ ය. එය හලාවත නගරයට ඇතුළු වූ විට හිතුමතේ එයින් බැස කෘතවේදී සිනාවකින් එය පැදවූ තරුණයාට ආචාර කළේ ය. හිතුමතේ ඉන්පසු පොලිස් ස්ථානය සොයා ගියේ ය. පැමිණිළි ලියන පොලිස් නිලධාරියාට තමා කවුදැයි හදුන්වා දුන්නේය.

නැවතත් පුරුදු සිරගෙදරට ආ සුමතිපාල සුළු කලකට පසු සිය නිවෙස සහ ඉඩම යාබද පන්සලට පවරා දී පියාටත්, මවටත්, නැගණියටත් පින් අනුමෝදන් කළේ ය. සති දෙකකට පසු සුමතිපාල බෝගම්බරට මාරු කළේ ය. එහිදී නැවතත් මරුසිරා හමු වූ අතර පසුව මරුසිරා එල්ලා මරන ලදී. මෙය සුමතිපාලට කණගාටුදායක දෙයක් විය. (මරුසිරා පෝරකයට යැවීමේ සිද්ධිය එකල මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ලංකාවේ මරණ දඬුවම අහෝසි වී යාමට ද එය බලපෑ බව කියවේ).


බී.ඩී. සුමතිපාල හෙවත් හිතුමතේ ජීවිතේ නිදහස ලැබූ පසු සිදු කළ හෙළිකිරීම් පදනම් කරගෙන මව්බිම පුවත්පතේ 'උදේනි සමන් කුමාර මහතා' විසින් එම පුවත්පත වෙනුවෙන් ලියූ ලිපි මාලාවක් ප්‍රධාන වශයෙන් පදනම් කරගෙන මෙම ලිපිය සැකසුණි. උදේනි සමන් කුමාර මහතා වෙත මෙහි සියලුම ප්‍රශංසාවන් හිමිවිය යුතුය.

 




මූලාශ්‍ර ලිපි - (1) මව්බිම පුවත්පතට 'උදේනි සමන් කුමාර' මහතා විසින් ලියු අවුරුදු 41කට පස්සෙ හිරෙන් නිදහස් වෙලා ඇවිත් 'හිතුමතේ ජීවිතේ' නම් ලිපිය, (2) wireceylon වෙබ් අඩවිය, (3) ලංකාපුවත් වෙබ් අඩවිය, (4) Hiru Gossip වෙබ් අඩවිය,  (5) සිත් TV Sri Lanka වෙබ් අඩවිය

3.13.2015

Insulting Buddhism

In 2008, while attending a conference on Natural Disasters in Kunming, China, I met a Mongolian Professor who told me the following story during an over-the-coffee discussion on religions.


Long ago, there was a very clever military commander of a certain dynasty (Let me say in Meng Kingdom), Yeming, who was regarded as a key figure in the country for protecting and uplifting Buddhism. He was well known for both bravery and wisdom.


The ruler of a neighbouring non-Buddhist state who was looking for a reason, for sometime, to declare war against Meng Kingdom, got a canny idea to fulfill his desire. He called a semi-lunatic person who was asked to go to Meng kingdom and insult Buddhism in front of Yeming.


The man traveled a long distance to reach Meng Kingdom. Arriving at the king's palace, he walked into the vicinity of Yeming, who was at an open court in the Palace with his friends. The person then started using the filthiest language in insulting Buddhism. Everyone around was looking at Yeming, expecting him to go wild in rage and behead the insulting person.


Surprising everyone, after listening to all sorts of screaming and shrieking in filth on Buddhism by the lunatic, Yeming stood up and asked one of his aides to give that person some food and water as he may be hungry and thirsty after a long journey and shouting a lot.


The bewildered friends asked Yeming, why he was not angered by the outcry of that person against his beloved religion. Smile in his face and with a dignified and sedate voice, Yeming explained.


"Buddhism is a philosophy that explains the cause and effect. It is not a belief of a virtual entity which lives only in human imaginations.  Only those who worship something in imaginations get scared when someone insults their belief, simply because, they are afraid of getting their imaginations shattered".


Adding further Yeming said "If I kill that person, tomorrow there will be another one who will do the same at the outskirts of the city. If I go there and kill that one then there will be someone on the mountains doing the same. If I waste my time and energy to ride there and kill him, there will be hundreds across the border insulting Buddhism in filth. Attacking them will start a war that will kill thousands and destroy much wealth. Finally, what is the purpose of doing that? We do something totally against Buddhism and waste many resources, just because we were foolish enough to get provoked by something that someone has uttered".


The same Yeming, fought vigorously, many times during his life when enemies attacked Buddhist monasteries in his country.


Understanding the "cause and effect", is the essence of Buddhism.


We hear a similar story, much recently from the famous Buddhist Monk, (Ven. Ajahn Brahmavamso Mahathera) in Australia. When he was asked about his reactions, if someone tears the Thripitaka (the sacred scripts of Buddhism) and flush it in toilet, Ven. Ajahn Brahm replied with a smile..."I will immediately call the plumber".
Ven. Ajahn Brahmavamso Mahathera

There were many occasions, during his life-time, that Lord Buddha himself experienced incidents of insulting; 'even a woman once came with a pile of firewood under the clothes to imply that she was pregnant and the father is Lord Buddha'. Buddha was unmoved and let the truth be unveiled with time. If you are confident about yourself there is no need to bother about what the others say.


Around 10 years of age, I had my first experience of someone insulting Buddhism. We were enjoying a cup of tea at a neighbour's place after an intensive game of cricket (in Sri Lanka even if you are a total stranger that steps into a house, you cannot escape without enjoying a cup of tea).


One of our playmates was quite elderly (in the early 20s), who was a devoted Buddhist; a daham paasal teacher at Vajira Ramaya, Bambalapitiya at that time.  Let me refer him as 'Wasantha Ayya'.


We also had quite a number of non-Buddhist friends as well. One of them was very nice in all occasions other than in the discussions of religion.


Unfortunately, that day the topic sailed into Buddhism due to an on-going Perahara at that time by Bellanwilla Temple. This boy gradually heated up and started telling nasty things about Buddhism. None of the Buddhists started counter arguing although all of us were not very happy about his utterance.


Then this boy grabbed a pencil and a paper and sketched something like a Buddha statue.


He showed his sketch to us and yelled "this is your Buddha, I hate him, hate him" and then started stabbing at the sketch repeatedly with the pencil.


One of our Buddhist friends stood up to tell or do something, but Wasantha Ayya calmed him down and raised his mild voice.


"Malli (means younger brother), you are an idiot. You drew something, defined it as something and ruined it in rage. You can do it any number of times, but please use your own pencils and papers. We will not even look at you".


Burning with fury the boy shouted "I will go to your temple and demolish all the statues".


With a wry grin Wasantha Ayya said in a low voice "try it and see. you may order a stretcher as well; or better call an ambulance before trying that". 


Then he patted the angry boy in the shoulder and said "Malli, now you see, you spoiled the nice evening we had, developed lots of toxic in your blood and I am sure that you'll have a sleepless night today. For what purpose? It is simply because you were scared that our discussion will change your mind about your religion. You are not sure what you believe. Now take a deep breath and relax yourself. We are still your good pals".


Then Wasantha Ayya gave an unforgettable advice to all of us.


"Buddhism cannot be insulted by any one, but a Buddhist himself. If you claim that you are a Buddhist and then violate Pansil, utter filth, act indecently and hurt others, then you are not only insulting but also destroying Buddhism".



Now those who have read some of my articles may understand why I was highly critical on Gnanasara Thero and BBS. They were claiming that they are protecting Buddhism but their behaviour was a total insult to the religion.


It is absolutely pointless in worrying about what people in other countries do about Buddhism. They may publish articles or cartoons, display banners, operate Buddha Bars, have Buddha prints in their under garments, create songs with girls dancing around Buddha statues that they have made for the shooting etc. etc. None of those acts are stoppable and none of them have the slightest effect on Buddhism.


If someone build a statue by sand and cement, call it a Buddha Statue, insult and destroy it, then the whole process showcases the stupidity of that "someone".  No true Buddhist around the world needs to worry about that.


However, if an invader, intruder or insane destroys or deforms Buddhist artifacts or show unruly or indecent behaviour at sacred premises in the country, every Buddhist have the right to stand-up against that; not because the Buddhism was insulted but the culture and heritage of the country is challenged. 


A true Buddhist does not see any spiritual value of a statue made of rock, sand and cement other than making such object an aid to tame and concentrate the mind (clickable link).  But they do have archaeological or national values........

Source - A letter by Prof. Dr. Chandima Gomes, Professor of ElectricalEngineering, Head/Centre forElectromagnetic and Lightning Protection Research (CELP), Universiti Putra Malaysia
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS