skip to main |
skip to sidebar
අඩ සඳ පෑයු
අහස යටින්
ඇල් ගඟුලේ දියකඳ
නැලවී නැලවී
ගලා යද්දී,
සුළං කපාගෙන
මඟ සොයනා යාත්රාවේ
පහන් එලිය නෙත ගැටී
රිදී මසුන්
ඇදී ගියා.
හාවක් හූවක් නැති
ගන්දෑළ
සමවැදුණු ගානයි.
රිදී මසුන් ඇදී ගියා.
ඇසුනත්
නෙත මායිමේ
නෙක සොදුරැ ගී සිංදු
සුදෝ සුදු මුහුදු දිය
වෙරළවැද නඟන හඩ
යාත්රා බඳ වදින
දියකදේ මුණුමුනුව
අහන්නට
සිත කියයි.
පහන් දැල්ල වටේ
පළගැටියෝ.
අලුත් උන්
පනිනවා දැල්ලට
වැනසෙන්න,
පෙනිපෙනිත්
පිච්චුණු තටු
හා අදෝනා
යහමින්
හැමතැනම.
අලුත් උන් පනිනවා දැල්ලට.
මෝරපු හිත වාගේ
කළු පාට.
උපන්දා ඉදලා දැක්ක
මහ දුකම
අනුභව කරනවා
රස කර කර.
ගෙදර
යනකොට
වෙනදාට
වැඩ ඉවරවෙලා
මග බලාන
හිනාවෙවී
ඉන්නා
නුඹ,
මහා තඩි තාප්පේ
උඩ
ගොක්කොල
රෑනට යටින්
හිනාවෙනවා දැන්.
මැලවුණු
ගෙමිදුල.
ගේ
ඇතුලේ
දුවන
පනින
මල.
කිරි දතක්
කියනවා
ලෝකයේ
සොඳුරු බව.
රාක්කයේ
වැලපෙනවා
පොත්
ගොඩක්.
ලවක් දෙවක්
නැතිව
නොතේරෙන කතාවක්
කියනවා.
සුදුම සුදු බෝලයක්
දුවනවා
එහෙට මෙහෙට
මා වටේට
ගෙදර ගියහම
වැඩ ඇරිලා.
BLOG TEMPLATE BY DESIGNER BLOGS