4.15.2013

පියෙක් පුතෙක් විහාරයේ මුණිඳු පුදනවා

පියෙක් පුතෙක් විහාරයේ මුණිඳු පුදනවා
තෙල් මල් ගෙන විහාරයේ මුණිඳු පුදනවා
ඒ පුතා නුඹයි - ඒ පියා මමයි
වෙන අන් කව්දෝ - මසිත කියනවා

දොහොත් මුදුන් දී මුව අගින් සිනා සී
ඉඟි පානා පුතුනේ
මඳහස දල්වා ඇස් කොණින් බලා ඉඳ
තරවටු කරනා පියාණනේ
ඒ පුතා නුඹයි - ඒ පියා මමයි
වෙන අන් කව්දෝ - මසිත කියනවා

සැම අත දිව යන
දිය කල ඉල්ලන
පුතු ගති ඇති දියණී
බෝ කොළ අතු අග නුඹ හිස රඳවන
පියා මමයි පුතුනී
ඒ පුතා නුඹයි - ඒ පියා මමයි
වෙන අන් කව්දෝ - මසිත කියනවා

4.10.2013

පුණ්‍ය භූමි ලංකා

පුණ්‍ය භූමි ලංකා
සිරි සමිඳු උපන් ලංකා

කිඹුල්වතයි මැද මහ නුවරයි
සිරි දළදා වැඩ සිටිනා නුවරයි
මහ මායාවෝ උපන් බිමේ
වැජබෙන සිරි දළදා

පුණ්‍ය භූමි ලංකා
සිරි සමිඳු උපන් ලංකා

දෙදහස් පන්සිය වසරක වරුණය
යලි මතුකොට ගැන්මේ පිං මහිමය
උරුමය කියනා සිරි දළදාවෝ
වැඩ සිටිනා ලංකා

පුණ්‍ය භූමි ලංකා
සිරි සමිඳු උපන් ලංකා

4.06.2013

හෙළ සිරිවරුණ

බෝසත්වරුන් සම්බුදු වන පිං දෙරණේ
ගෝතම තෙරුන් සිරි සම්බුදු වූ පොරණේ
ඒ අප උපන් මේ බිම හැර වෙන කොතැනේ
දැනගමු සැබෑ ඉතිහාසය හෙළ වරුණේ

තෙල්දෙණියේ සල්වත්තේ සිරි සිදුහත් උපදින්නේ
හිරිවඩුන්න ජය සිරිමා බෝ මැඩ බුදුබව ලබන්නේ
ඉසින්බැස්ස ගල් අරණේ සදහම් ලෝ පතුරන්නේ
බුදුගල කුසිනා නගරේ පිරිනිවනට පිවිසෙන්නේ

මකාදැමූ පෙර හෙළබිම යලි මතුකොට දැකගන්නයි
සිරි උරුමය සිරිලක අප සිරි දහමින් දැනගන්නයි
සිරි සදහම් දැක පැහැදී සිරි නිවනේ සැනසෙන්නයි
හෙළ බුදු පුතුගේ නාමය ලොව දස අත පතුරන්නයි
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS